
The Literary Festival 2023, organized by the Cultural Section of the Kuliyapitiya West Divisional Secretariat under the patronage of the Department of Cultural Affairs and Provincial Cultural Affairs Department will be held on 05.10.2023 at the Kuliyapitiya West Divisional Secretariat under the leadership of the Kuliyapitiya West Divisional Secretary and the Assistant Divisional Secretary. Here, the entertainment program was composed by the writer Nanda Udawatta, a member of the Cultural Board, and sung by the veteran singer Senanayake Veraliyedda. Apart from this, the festival was colorful with the participation of children from several art schools in the division, with mask dances, village dances, etc. Regional literary competition winners, cultural council members, cultural council members, artists of the division, Sunday school children and government officials participated in the celebration.









ඉදිරියේදී පැවැත්වීමට නියමිත විදුලි පාරිභෝගිකයන්ගේ ගැටඵ විසදීමේ ජංගම සහන සේවයේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික් වැඩසටහනට අදාලව විදුලි පාරිභෝගික ගැටඵ හදුනාගැනීමේ පළමු සැසිය කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.ඒ.කේ.දිසානායක මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් පමුදිතා ප්‍රසාදිනී ඒකනායක මහත්මිය ඇතුඵ නිළධාරින්ගේ සහභාගිත්වයෙන් කුලියාපිටිය බටහිර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී 2021.08.07 දින පැවැත්විණී.
තවත් කියවන්න: The first session to identify the problems of electricity consumers
සහනාධාර බෙදාහැරීමේ ප්‍රගතිය

|
සහනාධාර වර්ගය |
ප්‍රතිලාභී සංඛ්‍යාව |
මුදල |
බෙදාහැරීමේ ක්‍රමවේදය |
|
| වැඩිහිටි ජීවනාධාර | 1789 | ගුාම නිලධාරීන් මගීන් ගෙවීම් සිදුකර අවසන් කර ඇත | ||
| පොරොත්තු ලේඛණගත වැඩිහිටි ජීවනාධාර | 451 | |||
| ආබාධිත ආධාර | 260 | |||
| පොරොත්තු ලේඛණගත ආබාධිත ආධාර | 22 | |||
| වයස අවුරුදු 100 ට වැඩි වැඩිහිටි ජීවනාධාර | 01 | |||
| පොරොත්තු ලේඛණගත වකුගඩු ආධාර | 46 | |||
| මහජන ආධාර | ||||
| සමෘද්ධි | ||||
| 1 | සහන පියවර | 5593 | 27965000.00 | සමෘද්ධි සංවර්ධන නිලධාරීන් මගීන් ගෙවීම් සිදුකර අවසන් කර ඇත |
| 2 | අරුණලු | 2102 | 10510000.00 | |
| 3 | පොරොත්තු ලේඛණගත සමෘද්ධිලාභීන් | 332 | 1660000.00 | |
කමිටු නිර්දේශ මත
| වැඩිහිටි ජීවනාධාර | 197 | රුපියල් 5000 දීමනාව ලබා දීම සදහා මූලික කටයුතු සිදුකර ඇත |
| ආබාධිත ආධාර | 60 | |
| වකුගඩු රෝගාධාර | 05 | |
| ආදායම් මාර්ග අහිමිවූවන්ට සහන සැලසීම් | 6368 |
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධිකරණයෙන් ප්‍රදේශයේ ධනපතියන්ගේ සහයෝගයෙන් ඉතාම දුෂ්කරතාවයට පත් පවුල් 206 ක් වෙත වියළි ආහාර ද්‍රව්‍ය ලබා දෙන ලදී
- අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගැනීම වෙනුවෙන් ඇදිරි නීති බලපත්‍ර ලබා දීම ඇතුළුව අත්‍යවශ්‍ය සේවාවන් ඉටුකිරීම සඳහා කාර්යාලය පැය 24 පුරාම වීවෘතව පවතී
- ජංගම සේවා කටයුතු මගීන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ බෙදාහැරීම අඛණ්ඩව සිදු කරයි
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් උප්පැන්න සහතික ඉල්ලීම් ලබා ගැනීම පහසු කරලීම සඳහා වට්ස් ඇප් කණ්ඩායම් ක්‍රමවේදය භාවිතා කිරීමට කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශය තීරණය කර ඇත. ඒ අනුව ඔබ විසින් අදාල ඉල්ලීම් ජංගම දුරකථන අංක 070 327 8397 වට්ස් ඇප් වැඩසටහන හරහා සිදු කළ යුතු අතර පහත සඳහන් තොරතුරු ද ඊට ඇතුලත් විය යුතුය.
- උපන් දිනය
- උපන් ස්ථානය
- උපත අයිතිකරුගේ නම
- උප්පැන්න සහතික අංකය
- මවගේ නම
- රෙජිස්ට්‍රාර් ජනරාල් බත්තරමුල්ල ලංකා බැංකු ශාඛාවට අයත් ගිණුම් අංක 7041650 ගිණුමට මුදල් ගෙවු ලදු පතෙහි ජායාරූපයක්
(උපන් දිනය හා උප්පැන්න සහතික අංකය යන තොරතුරු සමඟ ඉල්ලුම් කරන විට එක් පිටපතක් සඳහා රු. 100.00 මුදලක් අයකරනු ලබන අතර එසේ නොමැතිව ඉල්ලුම් කරන්නේ නම පිටපතක් සඳහා රු. 200.00 මුදලක් අයකරනු ලැබේ)
නම වෙනස් කිරීමේ උපදෙස් පත්‍රිකාව
කොවිඩ් - 19 වෛරස් රෝග පාලනය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධවයි

කොරෝනා රෝග පාලනයට හා සමාජ සම්බන්ධීකරණ කටයුතු සඳහා කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් පහත සඳහන් වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.
- රජයේ සායන මඟින් නිකුත් කරන ඖෂධ හා වසම් වල ජනතාවගේ ඖෂධ අවශ්‍යතා වසම් භාර ග්‍රාම නිලධාරීන් හා ආර්ථික සංවර්ධන නිලධාරීන් මඟින් නිවෙස් වලට සපයා දීමට කටයුතු සංවිධානය කර ඇති අතර ඒ පිළිබඳව ජංගම ප්‍රචාරක රථයක් මඟින් ප්‍රදේශයේ ජනතාව දැනුවත් කරන ලදී.
- කොට්ඨාශයේ ජනතාව සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට සමුපකාරය මඟින් ජංගම සේවා ආරම්භ කර තිබීම හා සුපිරි වෙළඳසැල් මඟින් online ක්‍රමයට භාණ්ඩ නිවෙස් වලට ම සපයා දීම
- .අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනිම සඳහා වසම් වල පවතින කුඩා පරිමාණ වෙලඳසැලක් ගම්මානයකට එක බැගින් විවෘත කිරීම හා ජනතාව ඒකරාශී වීම වැළැක්වීමට ග්‍රාම නිලධාරී මඟින් අධීක්ෂණ කටයුතු කිරීම
- .වසම් වල ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව වසම් වලට සපයා දීමට කටයුතු සංවිධානය කිරීම.
- ප්‍රදේශයේ පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට කටයුතු සංවිධානය කිරීම.
- අසරණභාවයට පත්ව ඇති පවුල් සඳහා ලැබෙන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කඩිනමින් බෙදා හැරීම.
- වෛරසය පැතිරීම වළක්වා ගැනීමට අදාල තොරතුරු හා කාර්යාලය හරහා ජනතාව වෙත ලබාදෙන සහන සේවා තොරතුරු පිළිබඳ වෙබ් අඩවියේ පල කිරීම.
- ප්‍රදේශයේ ජනතාවට පහසුකම් සැපයීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පැය 24 ම විවෘතව තැබීම.














